හැඳින්වීම

ශ්‍රී ලාංකික මුද්‍රණ සහ ප්‍රකාශන කර්මාන්තයේ ප්‍රාමාණික පළපුරුද්දක් සහ අත්දැකීම් සම්භාරයක් සහිත පුරෝගාමී මෙන් ම, උපාය මාර්ගික වෘත්තීය සේවා භාවිතයක් ඔස්සේ අඛණ්ඩ, නිකැළැල්, දශක තුනකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ආ අති විශිෂ්ට වුත්, ස්ථාවර කීර්තිනාමය සහිත පාරිභෝගික විශ්වාසය පදනම් කර ගත්, දිවයිනේ පුරෝගාමී  ප්‍රකාශන ආයතනය  වශයෙන් ප්‍රථම වරට අති සාර්ථක ලෙස දියත් කරන ලද, මාසික අධ්‍යාපනික ප්‍රකාශන  කර්මාන්ත ව්‍යාපාරය,
මේ වන විට සමාජයීය වශයෙන් අසීමාන්තික ආයතනික අනුකාරක ප්‍රවණතා නිර්මාණය කළ, ව්ප්ලවීය පරිවර්තනයක් ඇති කර තිබේ.

ශ්‍රී ලාංකික මුද්‍රණ කර්මාන්තය උදෙසා පිරිනැමෙන ජාතික සම්මාන උළෙලවලදී, පුරෝගාමී ඉමාෂි මුද්‍රණ සහ  සිංහල, දෙමළ, ඉංග්‍රීසි ත්‍රෛභාෂික ප්‍රකාශන උදෙසා කිහිප වරක්ම, විශිෂ්ටත්වයේ  ‘රන් සම්මාන’ පිරිනැමිණි.

එය ‘ඉමාෂි’ නමින් මුද්‍රණ සහ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික මෙන් ම, කලාපීය වශයෙන් තබා තිබෙන අසමසම, අනභියෝගී අග්‍රගන්‍ය සේවා සැපයුම් මුද්‍රාවේ චිරකාලීන ඉදිරි පැවැත්ම තවදුරටත් තහවුරු කරමින් ලැබුණු විශිෂ්ට සහතිකයකි.

* ශ්‍රී ලංකාවේ දසදිග විසිරි පැතිරී සිටින සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම අධ්‍යාපනය ලබන්නා වූ සිසු පරපුරට නිදහස් අධ්‍යාපනය ඔස්සේ හිමි වූ සම වරප්‍රසාද හිමිකම සාක්ෂාත් කරනු වස්, පුරෝගාමී වශයෙන් ආරම්භ කරන ලද…

*පූර්ව ළමා, ප්‍රාථමික සහ ද්විතියික අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමට  පළපුරුදු සුදුසුකම් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් සම්පාදිත මාසික අධ්‍යාපනික සඟරා වාර ප්‍රකාශන සේවය මෙරට අධ්‍යාපනයේ සංවර්ධනට බෙහෙවින් ඉවහල් වූ,

පසුව මෙය නව්‍යකාරක සමාජ සත්කාරක මෙහෙවරක් වූ බව ද, නො රහසකි.

* එය විවිධ ආයතන විසින්ද අනුකරණාත්මක ලෙස ආරම්භ කරන ලද සමාන වාර ප්‍රකාශන ව්‍යාපාර රැසක් බිහි වූ නිසාම,

ඒ මගින් මේ රටේ ප්‍රජාවෙන් සෑහෙන පිරිසකගේ ජීවනෝපාය සාක්ෂාත් කෙරුණු කාලීන කර්මාන්තයක් නිර්මාණය  කළ, ඉමාෂි මුද්‍රණ සහ ප්‍රකාශන යනු, වෙළෙඳපළ  ප්‍රමුඛයා  වේ.