ළමා ශ්රමයට එරෙහි ලෝක දිනය සෑම වසරකම ජුනි 12 වන දින සැමරෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 2024 වසරට අදාළව නිකුත් කළ තේමාව වන්නේ, ‘ළමා ශ්‍රමය අවසන් කිරීමට අපගේ කැපවීම් මත ක්‍රියා කරමු ‘ යන්නයි.
ලොව පුරා දරුවන් මිලියන 160ක් ළමා ශ්‍රමිකයින් ලෙස හඳුනාගෙන ඇති බැවින්, ඒ අනුව සෑම දරුවන් දහයකගෙන් එක් අයෙකු ළමා ශ්‍රමිකයෙකු බවයි සඳහන් වන්නේ.
ලොව පුරා සියයට 26.4ක දරුවන් ප්‍රමාණයක් පමණක් මූල්‍යමය සමාජ රක්ෂණයක් ලබන අතර, ලොව පුරා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.1ක් පමණක් දරුවන්ගේ සමාජ රක්ෂණය වෙනුවෙන් වෙන්කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.
ළමා ශ්‍රමය ලොව පුරා භාවිත කිරීමට පාදක වන හේතු සොයා, ඒවා නැති කිරීමට කටයුතු කිරීමෙන් ලොව පුරා දරුවන්ට සුන්දර ළමා කාලයක් ලබා දීමට හැකියාව ලැබෙන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.