Tarzan නිහඬ විය !

ලෝක ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක් වූ ටාසන් කතා මාලාවේ ‘ ටාසන් ‘ Tarzan චරිතයට පණදුන් අමෙරිකානු ප්‍රවීන රංගන ශිල්පී රොන් එලී ‘Ron Ely ‘ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1938 දී ටෙක්සාස් හි උපත ලැබූ ‘Ron Ely’ මිය යන විට 86 වැනි වියෙහි පසු විය.

ලොව පුරා ලොකු ,කුඩා කා අතරත් එකසේ ජනප්‍රිය වූ ටාසන් කතාංගය ප්‍රථම වරට 1966 වසරේ සිට NBC රූපවාහිනී ජාලයේ විකාශය විය. එහි ප්‍රධාන චරිතය වන Tarzan ගේ චරිතයට තෝරාගැනුනේ දක්ෂ නළුවෙකු වූ රොන් එලීව ය. ඔහු එම චරිතයට ඉතා හොඳින් පණ දුන් අතර වනන්තරයේ රූපගතකිරීම් අතරතුරේදී සතුන්ගේ ප්‍රහාරයට පවා ලක් වූ බව වාර්තා වෙයි.

1980 දශකයේ දී, ප්‍රහසන චිත්‍රපටයක් වන, ද ලව් බෝට්, සුපිරි තරුවක් වන ලින්ඩා කාටර් සමඟ වොන්ඩර් වුමන් ඇතුළු රූපවාහිනි වැඩසටහන් හා චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ රොන් එලී 2001 වසරේ දී සිය රංගන දිවියෙන් විශ්‍රාම ගෙන, පසුව කතුවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

ඔහුගේ ප්‍රේක්ෂකයින්ට රොන් එලීව නැවතත් තිරයෙන් දැකගැනීමට හැකි වුයේ 2014 වසරේදී , රූපවාහිනී චිත්‍රපටයක් වන Expecting Amish ඔස්සේ ය.

නළුවෙක්, ලේඛකයෙක්, පුහුණුකරුවෙක්, උපදේශකයෙක් ලෙස කටයුතු කළ ලොවපුරා ආදරය දිනූ, Ron Ely ඔබට සුභ ගමන් !