පියාසර කළ නොහැකි පක්ෂීන් (Flightless Birds)

පියාසර කළ නොහැකි පක්ෂීන් (Flightless Birds) යනු අහසේ පියාසර නොහැකි පක්ෂීන් විශේෂයන් වේ. මෙම පක්ෂීන්ට අඩි දිගු කිරීමට සහ ඉතා ශක්තිමත් කකුල් ඇති අතර, බොහෝ විට ඔවුන් ගොඩබිමේ දිවීම සහ පැමිණීම සඳහා ඉතා හොඳින් සමන්විත වී ඇත. එවැනි පක්ෂීන්ට අයත් විශේෂ කීපයක් ගැන අපි සොයා බලමු.

පැස්බරා – Ostrich

ලෝකයේ විශාලතම සහ වේගවත්ම, පියාසර කළ නොහැකි පක්ෂියා වේ. මෙම පක්ෂීන්ට ශක්තිමත් කකුල් පිහිටා ඇති අතර අප්රිකාව නිජ බිම වූ පක්ෂියෙකි. පැස්බරාට ආමාශ තුනක් ඇත. පැස්බරාගේ මොලයට වඩා ඇස් විශාල වේ.

කීවි – Kiwi

නවසීලන්තයේ පියාසර කළ නොහැකි කුඩා පක්ෂියකි. ගෘහස්ථ කුකුළෙකුගේ ප්‍රමාණයෙන් ආසන්න වේ.

එමු – Emu

ඕස්ට්‍රේලියාවට ආවේණික පියාසර නොකරන විශාල පක්ෂියෙකු වේ. පැස්බරාට පසු උසින් ලෝකයේ දෙවන විශාලතම පක්ෂියා ඔවුන් වේ. ඔවුන්ගේ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රෝග වලට ඉහළ ප්‍රතිරෝධයක් සඳහා ප්‍රසිද්ධය. ආදිවාසීන් ආහාර, පිහාටු සහ තෙල් සඳහා එමු භාවිතා කර ඇත. ඔවුන්ගේ බිත්තර සැරසිලි සහ උත්සව කටයුතු සඳහා ද භාවිතා කර ඇත.

රියා – Rhea

දකුණු ඇමෙරිකාව ප්‍රදේශයට සීමාකළ විශාල, පියාසර කළ නොහැකි පක්ෂි විශේෂයක් වේ. මෙම පක්ෂියා හට ගොඩබිමෙන් දිවීමට හැකියාව ඇති අතර, පියාසර කිරීම වෙනුවට ඔහුට දිවීමේ හැකියාව ඇති වේ.

පෙන්ගුවින් – Penguin

පෙන්ගුවින් කියන්නේ ජලජ පියෑඹීමට නොහැකි පක්ෂියෙක්. පියාඹා යාමට නොහැකි වුනත් මේ පෙන්ගුවින්ලා පිහිනීමටනම් අති දක්ෂයි. ඒ විතරක් නෙමෙයි මොවුන් තමන්ගේ ජීවිතයෙන් වැඩි ප්‍රමාණයක් ගත කරන්නේ සාගරයේ.

කැසොවෙරි – Cassowary

පියාසැරීමට නොහැකි විශාල කුරුලු වර්ගයකි. ලෝකයේ දෙවැනියට බරම කුරුලු වර්ගය වන්නේද මෙම කැස්වරි කුරුල්ලාය. එමු නමින් හැඳින්වෙන කුරුල්ලාට සමාන කමක් දක්වන නමුදු ඔවුනට වඩා තරමක් මිටි සත්ත්වයෙකි. මොවුන්ගේ පිහාටු පියාසැරීමට අනුවර්ථනය වී නැතත් වැසි වනාන්තර වල ඇති කටු ගස් වලින් හා කුරුල්ලාගේ සම වියලිව තබා ගැනීමට උපකාරී වේ. මොවුන්ගේ පිහාටු කලු පැහැ වන අතර අලංකාර වූ නිල් පැහැයක් මුහුණ හා ගෙල පෙදෙසේ වේ. කැස්වරි යනු ලෙ‍ා්කයේ සිටින භායානකම කුරුලු විශේෂය වශයෙන්ද හඳුන්වා දිය හැක.