ලොව භායනකම සටහන් පොතේ හිමිකාරිය – මාරි කියුරි

ලෝක ඉතිහාසයේ නොමැකෙන අද්වීතීය මතකයක් සනිටුහන් කළ විශිෂ්ට විද්‍යාඥවරියක් වන මාරි කියුරි ගැන තමයි අද imashipublications.lk වෙතින් ඔයාලට ගෙන එන්නේ.

මරියා ස,ලෝමියා ස්ක්ඩොස්කා කියුරි හෙවත් මාරි කියුරි නොබෙල් ත්‍යාගය දෙවරක් දිනාගැනීම විතරක් නෙවෙයි, විද්‍යා ක්ෂේත්‍ර දෙකකින් නොබෙල් ත්‍යාග දෙක හිමි කරගත් ලොව ප්‍රථම කාන්තාව ලෙස ගෞරව ලබනවා.

විකිරණශීලතාවය නැමැති ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් නොබෙල් ත්‍යාගය දෙවරක් දිනා ගැනීමට ඇය  සමත් වුනා. එමෙන්ම පැරිස් විශ්ව විද්‍යාලයේ ප්‍රථම කාන්තා මහාචාර්යවරිය වුනේ ද ඇය යි.

කුඩා කාලය

1867 නොවැ. 07 වැනිදා උපත ලබා පෝලන්තයේ වෝර්සෝ නුවර හැදී වැඩුණු මාරි පසු කාලයක දී ප්‍රංශ පුරවැසිභාවය ලබා ගත්තා.

මාරි කියුරි, කථිකාචාර්ය විලද් සිලෝව් ක්ලෝඩ් විස්කි ගේ බාලම දියණිය ‍යි. දෙමව්පියන්ගේ නම් වූයේ බ්‍රොනිස්ලාවා සහ බ්ලඩිස්ලෝ ස්ටොඩොව්ස්කි වන අතර ඔවුන් දෙදෙනාම ගුරුවරුන් වූ බැවින් ඉගෙනීමේ අගය කුඩා කළ සිටම තම දරුවන්ට දැනීමට සැලැස්වීය. බ්ලඩිස්ලෝ ස්ටොඩොව්ස්කි භෞතික විද්‍යාව සහ අංක ගණිතය පිළිබද ගුරුවරයෙක් විය.

ළමුන් පස් දෙනෙකුගෙන් මරියා බාලම දරුවා විය.ඇගේ සහෝදර සහෝදරියන් නම් සොෆියා (1862) , ජුසෆ් (1863), බ්‍රොනිස්ලාවා (1865)හා හෙලේනාය. (1866)මරියා ලාබාලම දරුවා වන අතර ඇය උපන්නේ 1867 දීය

මරියා කුඩා කාලයේදී ම ඇයගේ සොහොයුරිය වූ සොෆියා මිය ගිය අතර (ටයිපොයිඩ් උණ රෝගයෙන් ) වසර දෙකකට පසු ඇගේ මව මරණයට පත්විය.( ක්ෂය රෝගයෙන්) මෙම සිදුවීම් හේතුවෙන් ඇය රෝමානු කතෝලික ආගම අතහැර අදේවවාදියෙකු බවට පත්විය.

කුඩා කාලයේ නගරයේ පාසලකින් මෙන්ම පියාගෙන් ද අධ්‍යාපනය ලැබූ ඇය වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ ඉමහත් ආශාවකින් පසු වුනා. ඒ නිසාම පෝලන්තයේ දී වැඩිදුර අධ්‍යාපනය ලැබීමට තිබුණු බාධක නිසා වෙනත් යුරෝපීය රටකට ගොස් වැඩිදුර අධ්‍යාපනයක් ලබා ගන්න ඇය තීරණය කළා.

අධ්‍යාපන ජයග්‍රහණ

ප්‍රංශයට පැමිණ වසර දෙකකට පසුව, 1893 දී, අතිදක්ෂ මාරි කියුරි පැරිසියේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් ඇයගේ ප්‍රථම දර්ශනපති පශ්චාත් උපාධි දෙක ලබාගන්නට සමත් වුනා. උපාධිවලින් එකක් භෞතික විද්‍යාවටත් අනෙක වසරකට පසුව ගණිතයටත් ඇය ලබාගත්තා. ඊළඟ වසර 40 තුළ දී ඇය සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාවට PhD උපාධියක් සහ අත්ලාන්තික් සාගරයේ දෙපැත්තේම වූ රටවල් ගණනාවක ඉහළ පෙළේ අධ්‍යාපන ආයතනවලින් ගෞරව ආචාර්ය උපාධි 20 ගණනකට ආසන්න සංඛ්‍යාවකින් පිදුම් ලබන්නට සමත් වී තිබෙන බව අගේ ජීවිත කතාවේ සඳහන් වෙනවා.

ප්‍රථම විද්‍යාත්මක පරීක්ෂණය

කැරැකොස්කි ප්‍රෙස්ඩෙමෙසි 66, වර්සාව් පැරණි නගරය අසල විද්‍යාගාරයක දී මරියා ස්ටොඩොව්ස්කා ඇයගේ ප්‍රථම විද්‍යාත්මක පරීක්ෂණය සිදු කරන ලදී. (1890 – 91)

ඇය ගැහැණියක් වූ බැවින්ද රුසියාවට එරෙහිව 1863 පෝලන්තයේ පැවැති ගැටුම් හේතුවෙන්ද ස්ටොඩොව්ස්කාට සාමාන්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට නොහැකි විය. එමෙන්ම ඇගේ පියා මුදල් වැරදි ලෙස ආයෝජනය කිරීම හේතුවෙන් ඇයට වර්සව්හි නීතියෙන් පරිබාහිරව පිහිට වූ පෝලන්ත විශ්ව විද්‍යාලයක ද අධ්‍යාපන කටයුතු හැදෑරීමට යන අතරතුර දී ගුරුවරියක් ලෙසද වැඩකටයුතු සිදු කිරීමට සිදු විය. වයස අවු 18 දී ඇය ළමුන් බලා ගන්නා පුද්ගලයෙක් ලෙස කටයුතු කළ අතර එහි දී ඇයට අසතුටු දායක ප්‍රේම සම්බන්ධයකට මැදි වීමට සිදුවිය. බ්‍රොනිස්ලාවා හි පැරිස් වෛද්‍ය විශ්ව විද්‍යාලයක සිටින ඇගේ වැඩිමහල් සහෝදරියට උදව් කිරීමට ඇය උපයා ගත් දේ යොදා ගත්තාය.එසේ සිදු කළේ මරියා යම් කිසි දිනයක අධ්‍යාපනය ලබන විට ඇය උදව් කරාවි යයි ඇති බලාපොරොත්තුව මතය.

විවාහ ජීවිතය

1894 වසරේ දී ඇයට පියෙර් කියුරි නමින් වූ තවත් තරුණ විද්‍යාඥයෙක් මුණ ගැහෙනවා. ඒ වගේම 1895 ජුලි 26 ඔවුන් දෙදෙනා විවාහ වෙනවා.

ඔවුන් දෙදෙනාත් ළගම කිහිපදෙනෙකුත් සම්බන්ධව සාමාන්‍ය විවාහයක් ලෙස සිදු වුණු මෙම විවාහයට, ඇදීම සදහා විශේෂ ඇදුමක් හෝ ඇය සතුව නොවූ අතර ත්‍යාගයක් ලෙස ලැබුණු තද නිල් පැහැති ගවුමක් මංගල ඇදුම වුණා. විවාහයෙන් පසුවද එම තද නිල් පැහැති ගවුම වසර ගණනාවක් යනතුරු විද්‍යාගාරයේ වැඩ කටයුතුවල දී ඇය හැඳගෙන සිටි බව සඳහන් වෙනවා.

විවාහයෙන් පසුව මාරියා පියරේ යුවලට ඊව් කියුරි හා අයරින් ජුලියට් කියුරි නම් දියණියන් දෙදෙනෙකු ලැබුණා. 1895 වසරේ දී පියරේ තම ආචාර්ය උපාධිය ලබා ගත්තා. ඒ චුම්භකත්වය කරෙහි ඔහු කළ හැදෑරිම නිසායි. මාරියාගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් විවාහයෙන් පසුව මාරියා පියරේ යුවළ මහත් සේ කැපවුණා.

මාරි හා අගේ සැමියා වන පියෙරේ දෙදෙනා නිවසේ ම සාදා ගත් රසායනාගාරයක විද්‍යා පර්යේෂණ සිදු කරන්න පටන් ගත් අතර එහිදී ඔවුන් දෙදෙනාට ‘රේඩියම්’ නමැති අලුත් ද්‍රව්‍යයක් මෙන්ම පොලෝනියම් නමැති රසායනික ද්‍රව්‍යයකුත් සොයා ගන්න පුළුවන් වුනා.

පර්යේෂන

1898 දි මෙලෙස හදුනාගත් මුලද්‍රව්‍ය සදහා පොලෝනියම් ලෙස නම් තබන ලද්දේ තමා උපන් රට වූ පෝලන්තයට ගරු කිරිමක් ලෙසයි. මේ පරික්ෂණ සිදු කිරීම සදහා මාරියා කෙතරම් කැප වුණාද කිව්වොත් මුල් කාලයේ දරු ගැබක් දරමින් හා 1897 දී අයරින්ගේ උත්පත්තියද සිදු වූ කාලය තුළ ඒ සියළු වගකිම් ද දරමින් වීම විශේෂත්වයක්.

දුර්ලභ යුරේනියම් වලින්, පිටවෙන බලයක් ඇතිබව ඒ කාලයේ දී නව සොයාගැනීමක් බවට පත් වුනා.
ඒ පිළිබඳව සිත් ඇදී යන ඇය මේ “දීප්තිය” ගෙනෙන ප්‍රභවය ගැන තවදුරටත් හදාරන්නට තීරණය කළා. අන්තිමේ දී ඒ සඳහා ඇය ‘රේඩියෝ ඇක්ටිවිටි’ -විකිරණශ්‍රීලතාව යන පදයත් ඇය නිර්මාණය කළා.

මේ කිරණ වල ස්වභාවය කුමක් ද? එය කුමක් සඳහා යොදා ගන්නවා ද? යන ප්‍රශ්නවලට ඔවුන් දෙදෙනාම පිළිතුරු සොයන්න පටන් ගත්තා. පියෙර් සිය වැඩ කටයුතු පැත්තකට දමා මාරිගේ මූලික සොයා ගැනීම්වලට සහාය දෙන්නට පටන් ගත් බවත් ඇයගේ චරිතාපදානය ලියන ලද රොබට් විලියම් රීඩ් සටහන් තබා තිබෙනවා. කළ යුතු දේ කුමක්දැයි තීරණය කරන ලද්දේ ඇයයි.

නොබෙල් ත්‍යාගය

භෞතික විද්‍යාවේ උන්නතිය සඳහා රේඩියම් සහ පොලොනියම් මූලධාතු සොයාගැනීමත්, රේඩියම් වියෝජක කිරීමට සමත් වීම සඳහා, මේ සුවිශේෂී මූල ධාතුවේ ස්වභාවය සහ සම්මිශ්‍රණය අධ්‍යයනට සමත්වීම යන කාරනාවලට මාරි කියුරිට නොබෙල් ත්‍යාගය ලැබුනු අතර එම සොයා ගැනීම් විද්‍යාවේ ඉදිරි දියුණුවට මහත් රුකුළක් වුනා.

1903 දී 1911 දීත් දෙදෙනාම දෙවරක් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත වුනා.

මාරියා හා පියරේ එක්ව නොබේල් ත්‍යාගය දිනාගත් ලොව මුල්ම විවාහක යුවළ ලෙස ඉතිහාසගත වුණා.
? මාරි කියුරි නොබේල් ත්‍යාගය දිනාගත් ලොව පළමු කාන්තාව ලෙසද මෙයින් ඉතිහාසගත වුණා.

දෙවැනි ලෝක යුද්ධයේ දී තුවාල ලත් සොල්දාදුවන් මිලියනයකට වඩා සංඛ්‍යාවක් ඇය විසින් ප්‍රවර්ධනය කරන ලද එක්ස්-රේ උපකරණ වලින් ප්‍රතිකාර ලබා තියෙනවා.

පියරි කියුරිගේ මරණය

පැරිස් විශ්ව විද්‍යාලය, පියෙර්ට කථිකාචාර්ය පදවියක් පිරිනමන්නට සූදානම් වී සිටිය දී එනම් 1906දී අශ්ව කරත්තයකින් ගමන්ගත් පියෙර් අනතුරකට ලක් වීමෙන් මිය ගියා. කුඩා දරුවන් දෙදෙනෙකුත් සමඟ මාරි තනි වූවාය.
පසුව පැරිස් විශ්ව විද්‍යාලය එම තනතුර මාරිට පිරිනැමුවා. සිය සැමියාගේ නමට ගෞරවයක් පිණිස තනතුර භාවිතා කරන්නට ඇය සිතුවා.

වරක් විද්‍යා සමුළුවකට බෙල්ජියමට ගිය මාරි වෙත ප්‍රංශ පුවත්පත් විසින් නොයෙකුත් අපහාසත්මක උපහාසත්මක කතා කියන්නට වුණා. මේ සියල්ලේම අරමුණ වූයේ විද්‍යාඥවරියක ලෙස ඉහළ මට්ටමකට පියවරින් පියවර බාධක හමුවේ වුවද නොසැල්වී ඉදිරියට ආ ඇයව ප්‍රංශයෙන් එලවා දැමීමයි.

මේ කිසිවකින් මාරි නම් සැලුනේ නෑ. ම‍ෙලෙස තමා ඉගෙන ගනිමින් ලොව වෙනුවෙන් නොයෙකුත් පරික්ෂණ කරමින් ලොවට විශාල සේවයක් කළා.
සමාජයෙන් එන තාඩන පීඩන හමුවේ වුවද නොසැල්වී තම දියණියන්ද සමාජයේ උසස් තත්වයට ගෙන ආවා.

ඇගේ මරණය

ඇයගේ ජීවන පරික්ෂණයේ අවසානයට ලංවූයේ විකිරණ පරික්ෂණ නිසා ඇති වු පිළිකා තත්වයක් නිසා.

Aplastic Anemia නම් රෝගය වැළදීමෙන් 1934 ජූලි 04 දින විද්‍යා පරීක්ෂණවලට මෙන්ම ජීවිතයටද මාරි කියුරි සමුදුන්නා.

ඇයගේ සිරුර තැන්පත් කළ පෙට්ටියද ඊයම්වලින් සාදන ලද එකක් වුණා. එයට හේතුව ඇයගේ සිරුරෙන් විකිරණ පිටවන නිසායි. ඇයගේ ඇටකටු වලින් තවත් වසර 3000ක් වන තුරුම මෙලෙස විකිරණ පිටවන බවයි නිගමනය කර ඇත්තේ.

ඇය සමහර අවස්ථාවලදි විකිරණශිලී මූලද්‍රව්‍ය යැයි නොදැන එම මූලද්‍රව්‍ය තම ඇදුමේ සාක්කුවල පවා දමා ගෙන ගියා. ඒ නිසා ඇය භාවිතා කළ ඇදුම්, ආභරණ, නිවස, කෑම පිසූ උපකරණ ආදිය අදටත් ඉතාමත් අධි ආරක්ෂාකාරි ක්‍රම ඔස්සේ සංරක්ෂණය කර තිබෙනව. ඒවා තුළ අදටත් විකිරණ අංශු පැවතීම මෙයට හේතුවයි. තවත් දෙයක්! ඇයගේ අසල්වාසීන් පවා මියගියේ නොයෙකුත් පිළිකා රෝගවලට මුහුණ දෙන්නට වීමෙන්.

ලොව භායනකම සටහන් පොතේ හිමිකාරිය

ලොව භායානකම පොත ලෙස මාරි කියුරිගේ සටහන් පොත ඉතිහාසගත වන්නේ ඇයි කියලා අප කතා කරමු.
මාරි කියුරි ජීවිතයේ වැඩිම කාලයක් විකිරණ සමග පරීක්ෂණ කළ කෙනෙක් නිසාත්, ඇය ඇයගේ සියළු පරික්ෂණවල තොරතුරු සටහන් ගත කළේ මෙම සටහන් පොතේ නිසාත්, මෙම පොත තුළින් තවමත් විකිරණ පිටවෙන නිසාත් මෙය ලොව භායානකම පොත ලෙස ඉතිහාසගත වෙලා තියෙනවා.

එම පොත අදටත් ඉතාමත් ආරක්ෂිතව තියෙනවා. මෙය සාමාන්‍ය පොතක් ලෙස අපිට සාමාන්‍ය විදියට කියවන්නට බැහැ. එය කියවන්න සුවිශේෂි ආරක්ෂිත ඇදුමක් භාවිත කරන්න වගේම ඒ සදහා වෙන් වූ විශේෂ කුටියක් භාවිතා කරන්න වෙනවා. නැත්තම් එම විකිරණ අපේ ශරීරගත වී භායානක රෝග වැළදීම සිදුවෙන එක නම් වළක්වන්න බැහැ.

තවත් වසර 28 ක් ජීවත් වී 1934 වර්ෂයේ ජූලි මස 4 වන දින අවුරුදු 66 දී මාරි ජීවිතයෙන් සමු ගත්තා. මරණයට හේතුව ඇය විසින්ම සොයාගත් විකිරණශීලිත්වයට මුහුණ දී තිබීමෙන් හටගත් රෝගී තත්වයක්.

ලොව විශාලතම නොබෙල් පවුල ලෙස සැලකෙන්නේ කියුරි පවුලයි.
ලෝක ඉතිහාසයේ නොමැකෙන අද්වීතීය මතකයක් සනිටුහන් කළ විශිෂ්ට විද්‍යාඥවරියක් වන මාරි කියුරි භෞතික විද්‍යාවේ මව විදියටත් හඳුන්වනවා.

මාරි කියුරි හිමිකරගත් ත්‍යාග

භෞතික විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය (1903)
ඩේවි ත්‍යාගය (1903)
මැටුසි ත්‍යාගය (1904)
රසායන විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය (1911)

ඒ වගේම මේ වගේ තවත් වැදගත් තොරතුරු 6 සිට 11 ශ්‍රේණිය දක්වා චතුර අධ්‍යාපනික මාසික සඟරා කියවන ඔයාලට දැනගන්න පුළුවන් .

ඉතින් imashi education youtube නාලිකාවත් subscribe අමතක කරන්නත් එපා