පසුගියදා චීනයේදී පැවැත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේ වාර්තා පොත අලුත් කරමින් මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය.
ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව, වසර 21 කට පසුව දිනාගත් රන් පදක්කම මෙන්ම මිටර් 800 කාන්තා තරග ඉසව්වෙන් දිනාගත් පලමු රන් පදක්කම ද මෙයයි.
තරුෂි මිනිත්තු 2.03:20 ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වු අතර එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාවට ද, ලෝකඩ පදක්කම චීනයට ද, හිමිවිය.
මේ පිලිබඳ අදහස් දක්වමින් තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු අදහස් දක්වමින් පවසා සිටියේ,
“මේ ජයග්‍රහණය සම්බන්ධව මම ගොඩක් සතුටු වනවා. 34 වසරක් මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වශයෙන් ජාත්‍යන්තරව රන් පදක්කම් රැසක් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රී ලංකාවට දයාද කර දුන්නා. එහිදී ඉතා වටිනාම පදක්කම් දිනා දුන්නේ තරුෂි. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනා ගත්ත තරුෂිගේ පුහුණුකරුවීම පිළිබඳව.”


