
ආදරණීය අම්මලා දූලාට මේ ටික නම් විශේෂයෙන් ම අද කියලා දෙන්න කියලා මුලින් ම මම ඉල්ලා සිටිනවා. ඒ දැන් ඉන්න දුවලා නිසි අරමුණක් නොමැතිව ඕහේ ගමන් කිරීම මම දෑසින් ම දකින නිසයි. මම මේ දේ කරනවා.. මේ තැනට එනවා කියලා අධිෂ්ඨානයක් දුවලාට දැන් නෑ. එහෙම වුණේ ඇයි කියන එක අපි මුලින් ම හිතන්න ඕන. දැන් බලන්න ධරැඛ – ්රැඛ වෙනකම් උත්සාහයෙන් ඉගෙන ගන්නවා. ධරැඛ කරන තුරු ස්ථිර අරමුණක ඉන්නවා. මම නර්ස් කෙනෙක් වෙනවා.. මම ටීචර් කෙනෙක් වෙනවා… මම ලෝයර් කෙනෙක් වෙනවා කියලා හිතලා ්රැඛ වලට එද්දි ඒ බලාපොරොත්තු බිඳ වැටිලා යන්න යනවා. මොකද නර්ස් කෙනෙක් වෙනවට වඩා, ටීචර් කෙනෙක් වෙනවාට වඩා, ලෝයර් කෙනෙක් වෙනවට වඩා… සල්ලි හම්බ කළ හැකි රැකියාවක් වෙත හිත ඇදී යනවා. මොකද උසස් පෙළ කරන කාලේ වෙද්දී දුවලාට සල්ලිවල රස්නය හරියට වදිනවා. ඉතිං හිතනවා නර්ස් කෙනෙකුට පඩිය මෙච්චරයි… ටීචර් කෙනෙකුට පඩිය මෙච්චරයි…. ලෝයර් කෙනෙකුට පඩිය මෙච්චරයි කියලා. අපෝ ඊට වඩා හොඳයි අර ජොබ් එක කළොත්.. මේ ජොබ් එක කළොත් කියලා හිතන්න ගන්නවා.
ස්ථිර අරමුණු බිඳ වැටුණු පසු සිදුවෙන්නෙ සිත අයාලේ යෑම. දුවලා පඩි වැඩි රස්සා හොයන්න ගන්නවා. එකක්.. දෙකක් හම්බ වුණා කියන්නකො… බොහොම ටික කාලයයි අම්මෝ හරිම අමාරුයි… මහන්සි වැඩියි.. නිදහසක් ඇත්තෙම නෑ… කියලා නතර වෙනවා. ඔය විදිහට අවුරුදු දෙක තුනක්ම රැකියා පහ හයක් මාරු කරනවා. මොකද ලොකු පඩිමනේ හිත. හැබැයි අර අරමුණු ඔස්සේ ඇවිත් නර්සින් කළානම්, ටීචින් කළානම්, ලෝ කළානම් හරි ලස්සනට ජීවත් වෙනවා. ඒ රැකියාවල පඩිය පනස්දාහක් හැටදාහක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ස්ථිරයි. ජීවිතයටත් එළියක්. ලක්ෂ ගණන් පඩි හම්බවෙන රැකියා කරන්න ගිය නිසා අන්තිමට මුකුත්ම නැති තැනට පත්වෙනවා. මේ ඇත්ත ඉතාම හොඳින් තේරුම් ගත යුතුයි. ඇයි මෙහෙම වුණේ. දැන් හැදෙන දුවලාට ආශාවන් අසීමිත නිසා. දිලිසෙන ලෝකයේ දකින සියලුදේම කරන්න හිතට ඉඩ දී ඇති නිසා සල්ලි කියන එක හරියට ඕන. අතට අයිෆෝන්, ගතට දහස් ගණනකින් ඇඳුම් දැන් ඉන්න දුවලාට ඕන. නැත්නම් සමාජයේ පිළිගැනීමක් නෑ කියලා එයාලා හිතන්නේ. ඒ තැනට දුවලාගේ සිත අද පත්වෙලා. මේක හරිම අපරාධයක්. ඇයි ඒ විතරක් ද? තට්ටු ගෙයක් දැන් හැදෙන දුවලාට ඕනෙ.. පැදගෙන යන්න මරුටියක් දැන් ඉන්න දුවලාට ඕනෙ. මෙහෙම වුණේ සමාජ ජාලා මගින් මේ සුපිරි බව දූලා පුතාලට පෙන්වන නිසා. අනේ අපේ දුවලා හිතනවා ජීවිතය තිබෙන්නේ එතන කියලා. ඉතිං සාමාන්‍ය පඩියක් අතට ගන්න කැමති නෑ. සුපිරි බව පෙන්වන්න සල්ලි හරියට ඕනෙ. ෆුඩ්සිටිවලින් බඩු ගන්න, පීසා හට්වලින් කන්න… හොඳට සල්ලි ඕන බව දුවලා දන්නවා. මේ නිසාම අද දුවලා යුරෝපයේ රැකියා කරන්න යන්නත් හරි හරියට සූදානම් වෙනවා.
දැන් ඔබ හොඳට බලන්න උසස් පෙළ ඉවර වුණ ගමන් දුවලා කොරියන් යන්න ජපන් යන්න ඉගෙන ගන්නවා ඒ භාෂාවෙන්. දැන් මේක රැල්ලක් වෙලා. අවුරුදු පහ හයක් එහෙම රටක හිටියොත් ගොඩ කියලා හිතන්නේ. ඇතැම් දෙමව්පියනුත් අවසර දෙනවානේ දුවට කොරියන් යන්න ජපන් යන්න ඉගෙන ගන්න. ඇත්තටම එහෙම රටකට ගිහින් දියුණුවක් ලබන්න තියෙනවා නම් ඒක හොඳයි. ඒ ජීවිතයට පා තබපු ගමන්ම නෙමේ. අවුරුදු 18-19-20 කියන්නේ දුවලා අම්මලත් එක්ක ගෙදර රැදෙමින් ජීවිතය ඉගෙන ගත යුතු කාලයකට. අර වගේ රටවලට ගිහින් දුක් විඳින්න මේ වයසේ දුවලාට බෑ. ශක්ති සම්පන්න පිරිමි කරන වැඩ සියුමැලි දියණියන්ට කළ හැකි ද? කළ හැකි නම් වයස් මට්ටමකට ආ පසු සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරලා ෆෝන් අතගාමින් ඉඳලා එකපාර කොරියාවට ගිහින් හිම කඳු කඩන්න දුවලාට පුළුවන් වෙයි ද? දැවැන්ත කර්මාන්ත ශාලා අස්සේ මැෂින් යට වේගයෙන් රැකියා කරන්න දුවලාට හැකි ද? ජීවිතය ඔබට එපා වේවි ඒ රටවලදීම. අවුරුදු 23 වාගේ පැනලා නම් ප්‍රශ්නයක් නෑ. අවබෝධයක් තියෙනවා. මේ උසස් පෙළ කරපු ගමන් ජීවිතේ දැන හැඳිනගත යුතු කාලේ රෑ දවල් මැරෙන්න සිදු වුණොත්… මම දන්නවා දිනනවා නෙමේ දුවේ ඔබ ජීවිතයෙන් හෙම්බත්ව පරාධීන වෙන එක විතරයි වෙන්නේ. මේ නිසා හරි ආදරයෙන් යෞවනයට පා තබපු දුවලාට කියන්නේ.. යුරෝපා රටවලට තියා මැද පෙරදිගවත් රැකියාවලට යන්න ඔබ දැන්ම හදිසි වෙන්න එපා. උසස් පෙළ අවසන් නම් රැකියාවක් ඔබට ඕනෑනම් අද ඕනෑ තරම් තියෙනවා. බැංකු සහකාර තනතුරු, පුස්තකාල සහකරු තනතුරු වැනි පිළිගත් රැකියාවලට යොමුවෙන්න. මීට අමතරව දුවේ රට ගියා හා සමානව මුදල් හොයන්න පුළුවන්. සුපිරිව ඔබට ජීවත් වෙන්න පුළුවන් විදිහක් ගැනත් කියන්නයි මම මේ සූදානම. ඉවුම්-පිහුම්, රූපලාවණ්‍ය වැනි ක්ෂේත්‍රවලට මේ විෂයන් ඉගෙන ගෙන ඉදිරියට අද ඇවිත් ඉන්න අය මුදල් හම්බ කරන ශූරයො.
ඉවුම්-පිහුම්, මැහුම්-ගෙතුම්, මනාලියන් හැඩ ගැන්වීම් දන්න ගැහැනු ළමයෙක් ගෙදරට ධන සම්පතක්. ඔව් මේ ඇත්ත දුවලා විශ්වාස කරන්න. මගේ යහළුවෙකුගේ දුවෙක් එයාහොස්ටර් කෙනෙක් වුණා. උඩු ගුවනේ රැකියාවක් නිසා දෙමව්පියන් උන්නේ බයෙන්. කොහොම හරි මේ දුව රැකියාවෙන් ඉවත් වුණා. ඉවත් වෙලා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක් යටතේ මනාලියන්ට ඇන්දවීම ඉගෙන ගත්තා. සැලුන් එකක් දාගත්තා. මගේ යහළුවා ළඟදි මට කතා කරලා කියනවා කරපු රැකියාවෙන් ලැබුණු පඩියට වඩා තුන්ගුණයක් විතර දුව අද හම්බ කරනවා, මේ දෑතේ කලාව විස්මිතයි අත්තනායක කියලා. ඇයි අපේ රටේ දුවලා… පුතාලටම උරුම මෙවන් වෘත්තියකට යොමු නොවී කළ නොහැකි
රැකියාවල අප්‍රමාණ දුක් විඳින්නේ කියලා. ඇත්ත නේද? දුවලාගේ දෑත සෑදී ඇත්තේ දුවලාට උරුම කර්මාන්තයක් සොයා යන්නමයි. මනාලියකට අන්දවන්න අද ලක්ෂ්‍යය පැනලා ගන්නවා. හිතන්න මාසයකට මනාලියන් තුන්දෙනෙක් ඇන්දුවොත් ලක්ෂ 3ක්. ඔබ දුවේ එතනම ගොඩ නේ. උසස් පෙළ කරලා ගැහැනු ළමයි කොරියන් යන්න… ජපන් යන්න… ලොකු මුදලක් වැය කරලා ඉගෙන ගන්න වෙලාවේ මෙවන් ගෙදර ඉඳන් කරන්න පුළුවන් රැකියාවකට යොමු උනොත් ඒ රටවල ගිහින් දුක් විඳින්න හම්බ කරනවාට වඩා ඔබට මෙහේ ඉදන් සතුටින් හම්බ කළ හැකියි.
අද හොඳින් මිල මුදල් අතපත ගාන්නේ මේ වෘත්තීන්වල නියැලී ඉන්න දුවලයි. අම්මලා දුවලාව මේ දෑතේ කර්මාන්තයට යොවුන් වියේදීම යොමු කරන්න. වෙනත් රැකියාවක් කරන ගමන් වුවත් මෙවන් වෘත්තියක නියැලිලා යහමින් මුදල් හම්බකළ හැකි රැකියාවක් හදාගන්න. ලස්සනට දුවලාට ජීවත් විය හැකි වේවි. ආර්ථිකය අතින් පසු තැවි තැවි ඉන්න වෙලාවේ මෙවන් දෑතේ හැකියාවන් වර්ධනය කර ගන්න. ඉවුම්-පිහුම් කියන්නේ අද කප් තියපු රැකියාවක්. ඉවුම්-පිහුම් හොඳින් ඉගෙන ගත්තොත් වෙන මුකුත් ම ඕන නෑ. යූටියුබ් පැත්තට ගියොත්, කෑම හදන හැටි උගන්වන්න සුන්දරව පටන් ගත්තොත් ඔබට මුදල් ගලාගෙන ඒවි. මම දුවලාට මෙහෙම කියන්නේ මේ හැම දේම දැකලා විඳලා ලෝකෙ වටේ ගිහින් මවු-දෙමවුපියන් තනිකරලා, ඔබත් මානසිකව ඇඳ වැටිලා හම්බ කරනවාට වඩා මෙවන් මුදල් යහමින් හම්බකළ හැකි මාර්ගයකට හැරෙන්න. ජයග්‍රහණය ඔබට නිතැතින්ම හිමි වෙනවා දුවේ. පාසල් ගමන නිමා කරපු දුවලාට මම ආදරයෙන් කියන්නේ අතෘප්තිමත්ව ඔබ කාළඟවත් රැකියාවක් කරන්න යන්න එපා. ඔබ ඔබේ දැනුම වැඩි දියුණු කරගත හැකි අලුත් මාවතක් එළි පෙහෙළි කර ගන්න. දුවලාට මම රහසක් කියන්නද.. අද ලංකාවේ සුපිරියට ඉඳගෙන යහමින් මුදල් හම්බකරන්නේ මනාලියන් හැඩගන්වන අයමයි. ඔබත් ඒ තැනට එන්න උත්සාහ කරන්න. මේ රට ඇතුලේ සල්ලි හොයන්න නොදන්නා දේශයන්හි ඉඟිල්ලෙන්න යන්නේ ඇයි…? ඒ හම්බකරන් ආවත් ඒ සල්ලි තාවකාලිකයි දුවේ. මොකද ඔබට සදාකල් රට රටවල රැකියා කරන්න බෑ. මෙහේ ඉඳන් වෘත්තියක් ඉගෙන ගෙන ඉදිරියට ආවොත් ඔබට වගේම ඔබේ පවුලට ම කරදරයක් නැති සුපිරි ජීවිතයක් නිකම්ම හදාගත හැකියි. ගත කළ හැකියි. හැමදාටම හිතන්න.
සටහන : මංජුල ප්‍රසාද් වීරසිංහ

