‘ Wise ‘ ශ්‍රී ලාංකේය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට !

ඉමාෂි සමූහ ව්‍යාපාර ජාලයේ නවතම නිෂ්පාදනය’ Wise ‘ ශ්‍රී ලාංකේය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට.

රටේ සුවහසක් දූ පුතුන්ගේ අධ්‍යාපනයේ පෙරගමන්කරුවන් වශයෙන් කටයුතු කරන 27 වසරක විශ්වාසනීය මෙහෙවරක් ඉටු කරමින් සිටින ඉමාෂි ප්‍රකාශන පුද්ගලික සමාගම රටේ ජීවනාලිය ගොඩනැගීම උදෙසා Wise නමින් තවත් පියවරක් ඉදිරියට තැබීය.රටේ නිෂ්පාදන ඌනතාවයෙන් අසරණව සිටින, සියල්ල පිටරටින් එනතුරු බලා සිටින පසුබිමක විශ්වීයව වටිනාකම් යාවත්කාලීන වූ ක්‍රමවේදයක් ඔස්සේ අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන්ම නිපදවන Wise නිෂ්පාදන එළිදැක්ම 2023 ඔක්තෝබර් 27 වන දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය. ඊට සමගාමීව Imashipublications.lk, Chutibaba.lk, apeamma.lk නමින් වෙබ් අඩවි තුනක්ද එළිදැක්විය.

ඉමාෂි සමූහ ව්‍යාපාර අධිපති විමල් දිසානායක මහතාගේ ආරාධනය පරිදි වෛද්‍ය ඉමාෂි භාග්‍යා දිසානායක මහත්මියගේ සුරතින් ප්‍රධාන ආරාධිත, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා හට පළමු Wise නිෂ්පාදන කට්ටලය පිළිගැන්වීය. මෙම එළිදැක්වීම සඳහා Commercial බැංකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩිලංක ප්‍රීමාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු ව්‍යාපාරික සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගී විය.

අභ්‍යාස පොත් පෑන් පැන්සල් මකන ආදී අධ්‍යාපනික උපකරණ පොකුරක් Wise සන්නාමය යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළද ඉලක්ක කොටගෙන අප රටේ නිෂ්පාදනය කරනු ලැබේ. නුගේගොඩ, රත්මලාන, පිටකෝට්ටේ යන ප්‍රදේශවල පිහිටි කර්මාන්තශාලා තුනක ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව අධිතාක්ෂණික යන්ත්‍ර සූත්‍ර වලින් Wise පාසල් උපකරණ නිෂ්පාදනය වේ. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි පරිසර හිතකාමී ක්‍රමයකට Wise පැන්සල නිෂ්පාදනය වීම මෙහිදී විශේෂිත වේ.

ලෝකයේ ඕනෑම රටක නිෂ්පාදනය වන පාසල් උපකරණ සමග නොදෙවෙනි අයුරින් සිත්ගන්නා සුලු මෝස්තර, උසස් පැහැදිලි ප්‍රමිතිගත නිමාව සහ ළමා මනස සරලව ග්‍රහණය කර ගැනීමේ මනෝ විද්‍යාත්මක ක්‍රමවේද රැසක් අනුගමනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු Wise නිෂ්පාදන ඉමාෂි ලේබලය යටතේ සාධාරණ මිලකින් ශ්‍රී ලාංකේය වෙළෙඳ පොළට එක් වනු ලැබේ.

Photos – Averad Photography – Suesh Averad