1953 දී ලෝක වේදිකාවට ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු කාන්තාව
රූ රාජිණියන් තේරීම තරග ඉතිහාසය රාජවංශ කාලය තෙක් දිව යන අතර සුන්දර ලාංකික කාන්තාවන් ලොව පුරා කතාබහට ලක්වූ පුවත් ඉතිහාසය පුරාවට ඕණෑ තරම් සොයා ගත හැක. ප්‍රකට පද්මාවතී රැජිණ හා අනුලා බිසවගේ සිට මෑත කාලීනව ජාත්‍යන්තරය ජයගත් රෝසි සේනානායක, කැරොලයින් ජූරි දක්වා ඉතිහාසයේ තවත් වැඩිපුර කතා බහට ලක්නොවු චරිතයක් ලෙස ලංකාවේ ප්‍රධාන තරගයකින් ජයගෙන ලාංකික රූ රැජිණ බවට පත්වූ පලමු කාන්තාව වූ මානෙල් ඉලංගකෝන් (Manel Ilangakoon) හදුන්වා දිය හැක.

පළමු රූ රැජිණ තේරීම – 1953
1948 වර්ෂයට පෙර ශ්‍රී ලංකාව හදුන්වනු ලැබුවේ British Ceylon යන නාමයෙන්. යටත් විජිත සමයේ මෙවැනි රූ රැජිණ තරගයක් ලංකාවේ සංවිධානය වූ බවට සාක්ෂි හමුවෙන්නේ නැත. පලමු ලෝක රූ රැජිණ තරගය Miss World 1951දී Eric Morley විසින් එංගලන්තයේදී සංවිධානය කල අතර නිදහස් ශ්‍රීලංකාවේ පලමු රූ රැජිණ තරගය සංවිධානය වූයේ 1953 වර්ශයේදීයි. මානෙල් ඉලංගකෝන් එවකටත් විවාහකව සිටි අතර තරග නීතිරීති අනුව එය තරගයට ඉදිරිපත් වීමට බාදාවක් නොවීය. 1953දී කොලඹදී පැවති පලමු ලාංකික රූ රැජිණ තරගයේ කිරුල හිමිකර ගැනීමට එවකට 20 හැවරදි ඇයට හැකියාව ලැබුණි. එම ජයග්‍රහණයත් සමග ඇය එම වසරේ ලෝක රූ රැජිණ තරගය සදහා සහභාගී වීමට වරම් හිමිකර ගන්නා ලදී. ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර රූ රැජිණ තරගයක් සදහා මුලින්ම ඉදිරිපත් වීමට වරම් හිමිකර ගත් තරුණිය වූයේ ඇයයි.
ලෝක වේදිකාව පිය නැගීම


වචනයේ අර්තයෙන්ම සුන්දර තරුණියක් වූ ඇයට එංගලන්තයේදී සුහද පිලිගැනීමක් ලැබුණි. ජාත්‍යන්තර තරග නීතිරීති අනුවද විවාහක වූ ඇයට තරග වැදීමට අවසර ලැබුණු අතර මානෙල් ඉන් පෙර ලංකාවෙන් පිටතට ගොස් නොතිබූ බැවින් ඇගේ සැමියාද ඇය හා එංගලන්තය බලා පිටත් විය. එවකට එංගලන්තයේ ලාංකික තානාපති ලෙස කටයුතු කල එඩ්වින් විජේරත්න මහතා ලංකාව වෙනුවෙන් මානෙල් ඇතුලු පිරිස ගුවන් තොටුපලේදී පිලිගනු ලැබුවා.
1953 ඔක්තෝම්බර් මස 19 වන දින ලංඩනයේ Lyceum Ballroom ශාලාවේදී පැවති 3 වන Miss World තරගයේදී ඇය අනෙක් රූ රැජිණියන් හා කරට කර තරග වැදුනා.
සාරියෙන් විදෙස් වේදිකාවට

එහිදී ඇය මුල් වටය සදහා ලාංකික අනන්‍යතාවය නියෝජනය වන ලෙස සාරිය ඇද තරගයට පිවිසියා. එහි විනිශ්ය මඩුල්ල විසින් අවසාන වටය සදහා රූමතියන් 10 දෙනෙකු තෝරාගත් අතර රහස් ඡන්දයකින් අවසාන 5 දෙනා නම් කරන ලදී. මානෙල්ද ඒ අතරට තේරී පත්වූයේ Ceylon නාමය වේදිකාව මත හොබවමින්. ඉතා තියුණු තරගයකින් පසු මෙම සාම්ප්‍රදායික ලාංකික යුවතිය ලංකාව වෙනුවෙන් සිව්වන ස්තානය දිනාගන්න සමත් වුනා.
ජයග්‍රහණය හා ගෞරවය


එම තරගයේ ප්‍රතම ස්තානය ප්‍රංශ ජාතික රූ රැජින වූ ඩෙනිස් මාග්‍රට් (Denis Magret) දිනාගන්නා ලදී. දෙවන හා තෙවන ස්තාන පිලිවෙලින් ග්‍රීසියට හා ඊජිප්තුවට හිමිවිය. මානෙල්ට සිව්වන ස්ථානය වෙනුවෙන් පවුම් 150ක ත්‍යාගයක් හිමි වුනා. ඇය ශ්‍රී ලංකාවට හොද ආරම්භයක් ලබා දුන් අතර ලාංකික යුවතියන් ජාත්‍යන්තර රූ රැජිණ තරග සදහා සහභාගී වියයුතු බවට ලංකාව තුල මතයක් නිර්මාණය වීමට එය රුකුලක් විය.
මානෙල් ඉලංගකෝන් මහත්මියගේ මෙම සාර්ථකත්වය, ලාංකික කාන්තා වර්ගයට නව ආරම්භයක් විය. ඇය ශ්‍රී ලාංකික ජාතිකයකු ලෙස පමණක් නොව, සංස්කෘතික දූතයෙකු ලෙසද කටයුතු කළාය. විනීතත්වය, සිනහව සහ ස්වභාවික රූපලාවන්‍යය සමඟින් ඇය ජාත්‍යන්තර වේදිකාවට ලංකාවේ නම නංවා තිබුණි.