වසර 150 ක සන්නිවේදන හැකියාව හරහා ලෝකය පුරා ජනතාව සවිබල ගන්වමු !

2024 වසරේ ලෝක තැපැල් දිනයේ තේමාව වන්නේ – වසර 150 ක සන්නිවේදන හැකියාව හරහා ලෝකය පුරා ජනතාව සවිබල ගන්වමු යන්නයි

ඒ 1874 දී ස්විට්සර්ලන්ත අගනුවර වන බර්න්හි විශ්ව තැපැල් සංගමය පිහිටුවීමේ සංවත්සරය සිහිගන්වමින්. 1969 දී ජපානයේ ටෝකියෝ නුවර පැවති විශ්ව තැපැල් සම්මේලනය විසින් ඔක්තෝබර් 9 වනදා ලෝක තැපැල් දිනය ලෙස ප්‍රකාශයට පත් කළා. එතැන් පටන් ලොව පුරා රටවල් ලෝක තැපැල් දින සැමරුම් සඳහා වාර්ෂිකව සහභාගී වනවා.

නව තැපැල් නිෂ්පාදන සහ සේවා හඳුන්වා දීමට හෝ ප්‍රවර්ධනය කිරීමට බොහෝ රටවල් මෙම දිනය භාවිත කරනවා දැකගත හැකිය. 2024 වසරේ ලෝක තැපැල් දිනයේ තේමාව වන්නේ – වසර 150 ක සන්නිවේදන හැකියාව හරහා ලෝකය පුරා ජනතාව සවිබල ගන්වමු යන්නයි මේ වසරේදී දී විශ්ව තැපැල් සංගමයත් සිය 150 වැනි සංවත්සරය සමරනවා.

Monara ලෝකයේ පළමු තැපැල් ලේඛණය සොයාගෙන තිබුණේ ක්‍රි. පු. 225 දී. 1838 දී ප්‍රථම පෙර ගෙවුම් තැපැල් ගාස්තු ක්‍රමය හදුන්වා දුන් අතර 1849 දී ලෝකයේ පළමු වරට රූපයක් මුද්දරයකට යොදගෙන තිබෙනවා.

තැපෑල ගුවන් සේවයක් ලෙස ආරම්භ වුනේ 1912 දී . ලොවපුරා ලක්‍ෂ 50කට අධික පිරිසක් තැපැල් සේවයේ නිරතව සිටිනවා.