එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන මේ දේවල් දන්නවද ?

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන මේ දේවල් දන්නවද ?

ලෝක සාමය පෙරදැරි කරගත් ලොව බලවත්ම සංවිධානය ලෙස සැලකෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 79 වන සංවත්සරය 2024 ඔක්තෝබර් මස 24 වැනිදාට යෙදී තිබේ. 1945 වර්ෂයේ ඔක්තෝබර් 24 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහ.

ලෝක සාමය වෙනුවෙන් ක්‍රියා කරන ලොව එකම, විශාලතම සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක පිරිවර 120,000ක් පමණ වේ. ඔවුන් මහාද්වීප හතරක් පුරා සාම ක්‍රියාදාමයෙහි යෙදී සිටිති. සාමය හැරුණුවිට, තවත් බොහෝ සහන සේවා, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලෝකයට සැලසේ. රටවල 75ක ජීවත් වන මිලියන 90ක් පමණ ජනයාගේ කුසගිනි නිවන්නේ මෙම ජගත් සංවිධානයයි. මිලියන 34ක් තරම් වූ සරණාගතයන් පිරිසකගේ ගැටලුවලට විදුසදුම් ඇත්තේ ද මෙම ජගත් සංවිධානයේ ම ය. ලෝක ජනගහනයෙන් 58%කට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට හවුල් වීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කෙරෙන තවත් වැදගත් කාර්යයකි.